ර/ ගැටහැත්ත අනුර මහා විද්‍යාලය 1992 දී පමණ පුවක්පිටිය මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ වුයේ ගැටහැත්ත තැපැල් මහතාගේ ඉඩමේ කොටසකය. ආරම්භක ශිෂ්‍ය සංඛ්‍යාව 20ක් හා ගුරුභවතුන් 02 කුගෙන් පාසල සමන්විත විය. වර්ෂ 1930 දී රජයට පවරාගත් මෙම විද්‍යාලය, ර/ ගැටහැත්ත අනුර විද්‍යාලය ලෙස නම් කරන ලදී. විදුහල්පතිවරුන් 27 දෙනෙකු යටතේ පාලනය වී ඇති මෙම විද්‍යාලය ක්‍රමයෙන් සංවර්ධනය වී ඇත. 1983 වර්ෂයේදි නව ජීවයක් දෙමින් පාසල නගා සිටුවීමට එවක විදුහල්පති ලෙස සේවය කල පුරාවිද්‍යා චක්‍රවර්තී ගරු එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේට හැකි වූහ.
නැවත සංවර්ධනයේ අඩිතාලම දමන ලද්දේ 2003 ඔක්තෝම්බර් මාසයේ විදුහල්පතිනිය ලෙස පත්ව ආ කමලා මුණසිංහ මැතිණිය විසිනි. 2008 විදුහල්පතිනිය ලෙස සේවය කල යමුනා ස්වර්ණලතා මහත්මිය පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කල අතර එම කාලය තුල ජාතික ඵලදායිතා සම්මානයේ දෙවන ස්ථානය ලබා ගැනීමට හැකි වුණි.
ඩි. ඩී. සරත් අලවතුර මහතා 2013 දින පාසලේ විදුහල්පති ලෙස පත්ව ආ අතර එතුමාගේ කාල වකවානුව තුල අධ්‍යාපන මෙන්ම විෂය සමගාමී අංශයන්ගෙන්ද විදුහලට ජයග්‍රහණ රාශියක් අත්කරගැනීට ලැබුණි. ශිෂ්‍ය සංඛ්‍යාව 1200ක් හා ගුරු මණ්ඩලය 65ක් පමණ සිටියහ.
2018.12. 26 දින සිට පත්ව ආ ආර්. ඒ චන්දිමා ජේ සමරකෝන් විදුහල්පතිනිය වර්තමානයේ පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරමින් සිටී.
2019 වර්ෂයේ පාසලේ ඉතිහාසයේ වැඩිම 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව කඩඉම සමත් ප්‍රමාණය 24ක් ලෙස ප්‍රතිඑල ලබා ගත් අතර අ.පො.ස උසස් පෙළ විශ්ව විද්‍යාලයට සහ විද්‍යාපීඨ වලට ඇතුළු වීමට දරුවන් 11 දෙනෙකු වරම් ලබාගෙන ඇත. තවද 1000කට වැඩි ශිෂ්‍ය කාණ්ඩය යටතේ සමස්ත ලංකා නර්තන තරගයෙන් කුසලතා සහතිකයක් ලබා ගැනීමට සමත් විය.
2019 වර්ෂයේ විද්‍යාලීයය ශිෂ්‍යභට කණ්ඩායම කඳවුරු ගත කරන ලදී.
2020 වර්ෂයේ විද්‍යාලීයය ඉතිහාසය රන් අකුරින් ලියවමින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව කඩඉම සමත් ප්‍රමාණය 29ක් හා පාසල් ඉතිහාසයේ ශිෂ්‍යත්වයට පෙනී සිටි දරුවෙකු ලබාගත් වැඩිම ලකුණ 196ක් ලෙස ප්‍රතිඑල ලබා ගන්නා ලදී. 2020 වර්ශයේ දී ර/ අනුර මහා විද්‍යාලීය ඉතිහාසයේ ඉහලම අ.පො.ස. සාමන්‍ය පෙළ විභාග ප්‍රතිඑල වාර්තා කරන ලදී. එය ප්‍රතිශතයක් ලෙස 63% ක් වේ. එමෙන්ම එම වර්ශයේ දී විද්‍යාලීය ඉතිහාසයේ ඉහළම අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඑල වාර්තා කළ අතර එහි A3 ලබාගත් සිසුන් දෙදෙනෙකු ද විය.
ආරම්භ කළ වර්ෂය |
1922 |
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
20 |
මුල් ගුරුතුමාගේ නම |
පුවක්පිටිය මහතා |
පාසලේ ආදි කතෘගේ නම |
පුවක්පිටිය මහතා |
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
පාසල රජයට පවරාගත් දිනය |
1923 |
පාසල පැවැත්වූ ස්ථානය |
ගැටහැත්ත තැපැල් මහතාගෙ ඉඩමේ කොටසක |
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
|