පුස්තකාලය

1967 වර්ෂයේ ආරම්භ කළ ර/අනුර මහා විද්‍යාලයේ පුස්තකාලය අද වන විට සිසුන්ගේ ප්‍රියජනක ස්ථානයක් බවට පත් වී ඇත. විශ්‍රාමික විදුහල්පති හිටපු පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේදානන්ද හිමි 1984 සිට 1990 කාලයේ අප පාසල් පුස්තකාලය සංවර්ධනය කිරීමට ගත් උත්සාහය ප්‍රසංසනීය ය. එම කාලයේ අප පාසල් පුස්තකාලයේ දීප්තිමත් යුගයක් ලෙස සටහන් වූ බව කාගේත් පිළිගැනීමයි. විෂයන්වලට අදාල පොත්පත් හා බාහිර දැනුම ලබා ගන්න පොත්පත්ද පාසල් පුස්තකාලයේ ඇත. සිංහල පොත් 6576 ක් ද ඉංග්‍රීසි පොත් 628 ක් ද දෙමළ පොත් 17 ක් ද පාසල් පුස්තකාලයේ ඇත.

දිග වර්ග අඩි 32 ක් හා පළල වර්ග අඩි 20කින් පාසල් පුස්තකාලය සමන්විතය. පුස්තකාලාධිපතිවරු 8 ක් මේ වන විට රාජකාරි කර ඇත. ගුරුවරුන් 58ක් මෙම පුස්තකාලයේ දැනට සාමාජිකත්වය ලබා ඇති අතර සිසුන් 657ක් සාමාජිකත්වය ලබා ඇත.

2018 වර්ෂයේ ‘’කලණ මිතුරු - පොත් සුමිතුරු වැඩසටහන’’ යටතේ රාජ්‍ය සම්මාන 5ක් දිනාගැනීමට අප පාසලේ සිසුවියක් සමත් වීම විශිෂ්ට ජයග්‍රහණයකි. රචනා තරගවලින්ද ජයග්‍රහණ රැසක් අප පාසලේ පුස්තකාල තරඟවලට යොමු කළ දරුවන් දිනා ගැනීම අප දරුවන්ගේ දක්ෂතාව පෙන්වන කැඩපතක් වැන්නය. වර්තමාන විදුහල්පතිනි චන්දිමා සමරකෝන් මැතිනිය පාසල් පුස්තකාලයට දෙන සහයෝගය අගය කරමි.