2018 - මේ දක්වා |
R A C J සමරකොන් මිය |
![]() |
වර්තමානයේ පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරමින් සිටින මෙතුමිය ගේ කාලයේ දී අප පාසල භෞතික පාසල ලෙස නම් කිරීමට භෞතික සම්පත් සංවර්ධනය කළේය. ඒ යටතේ විදුහල්පති කාර්යාලය, කාර්යාලය සහිත ගොඩනැගිල්ල සහ වාණිජ ඒකකය ප්‍රතිසංස්කරණය කිරීම. පාසල තුල ඇවිදින මංතීරුවක් ප්‍රාථමික අංශය දක්වා ඉදි කිරීමද, පාසල වටා වැටක් ඉදි කිරීමත්, පාසල ඉදිරි පස කොටසෙහි පැති බැමි ඉදිකර මුර කුටිය ඉදි කිරීමට කටයුතු සංවිධානය කිරීම මෙතුමිය ගේ කාලයේදී සිදු කළේය. ක්‍රීඩා කාමරයක් ඉදි කිරීම සහ වැසිකිලි සංකීර්ණ කෙකක් ඉදි කිරීම ද, එළිමහන් වේදිකාව ඉදිකරීමට කටයුතු සැකසීම සහ එය මේ වන විට ඉදිකරමින් පවතී. පාසලේ භෞතික සංවර්ධනය මෙන්ම අධ්‍යාපනික සංවර්ධනය ද මෙතුමිය ගේ කාලයේ දී කැපී පෙනෙන වර්ධනයක් වෙන්වමින් පවතී. එහිදී පාසල් ඉතිහාසයේ ඉහළම උසස් පෙළ සමත් ප්‍රතිශතය 2021 දී පෙන් වූ අතර එය A3 ලබා ගත සිසුන් දෙදෙනෙකු ද විය. එමෙන් මා එම වර්ෂයේ දීම වසර 10 ක් තුමා ඉහළම සාමාන්‍ය පෙළ සමත් ප්‍රතිශතය වූ 64.5% සහ ඉතිහාසයේ ඉහළම ශිෂ්‍යත්ව සමත් ප්‍රතිශතයද 2021 වර්ෂයේ දී වාර්තා විය. එමෙන්ම පන්ති 02ක් ව පවතී 9,10,11 පන්ති තුනක් දක්වා වර්ධනය කිරීම ද මෙතුමියගේ කාලයේ සිදු වූ වැදගත් සිදුවීම් ය. |
2013 - 2018 |
සරත් අලවතුර මයා |
![]() |
වසර පහක කාලයක් අප විද්‍යාලයේ සේවය කරන ලද මෙතුමා, සම්පත් පුද්ගලයින්ගෙන් උදව් ඇතිව විද්‍යාලයේ සියළුම ගොඩනැගිලි අළුත්වැඩියා කරන ලදි. විද්‍යාලයේ ජල ගැටළුවට විසදුමක් ලෙස පානීය ජල ව්‍යාතියක් (ළිදක්) ආරම්භ කරන ලදී. දෙමාපියන්ගේ පරිත්‍යාගයෙන් පංති කාමර දෙකකින් යත් ගොඩනැගිල්ලක් ඉදි කරන ලදී. නව ආපන ශාලාව සහ උසස් පෙළ සදහා පංති කාමර හතරකින් යුත් ගොඩ නැගිල්ල ද මෙතුමාගේ කාලයේ දී ඉදි කරන ලදී. අරම්භයේ සිටම හොදම ශිශ්‍යත්ව ප්‍රථිඵල මෙතුමාගේ කාලයේ දි පෙන්විය.සිසුන් විශ්ව විද්‍යාල වරම් ලැබීමද මෙතුමාගේ කාලයේ දී සිදු විය. |
2012 - 2013 (මාර්තු) |
පද්මා ලියනගේ මිය |
![]() |
වැඩ බලන විදුහල්පති ලෙස මාස අටක් පමණ අප විද්‍යාලයේ සේවය කරන ලදී. |
2012 |
මාලනී මුනසිංහ මිය |
![]() |
මාස හයක කාලයක් අප පාසලේ විදුහල්පති තනතුර දරණ ලදී. |
2008 - 2012 | යමුනා ස්වර්ණලතා මිය |
![]() |
පාසලේ ස්වර්ණමය යුගයේ ආරම්භය සනිටුහන් වීම සිදුවූ යේ මෙතුමියගේ කාලයේදී ය. එම කාලය තුළ දී 2009 සහ 2010 වර්ශයන් හි ඵලදායිතා සම්මාන දෙකක් දිනා ගැනීමට අප පාසල සමත් විය. එමෙන්ම 2010 වර්ශයේ අන්තර් පළාත් හරිත ඵලදායීතා සම්මානය හිමි කර දීම එතුමියගේ කාලයේ සිදු වූ තවත් වැදගත් සිදු වීමකි. සම්පත්දායකයින්ගේ පරිත්‍යාගයෙන් විද්‍යාලයේ බහුමාධ්‍ය ඒකකය ආරම්භය කරන ලදී. |
2003 - 2008 |
කමලා මුණසිංහ මිය |
![]() |
පාසල් ක්‍රීඩා පිටිය විශාල කිරිම සදහා කටයුතු සිදුවූ යේ මෙතුමියගේ කාලයේ දී ය. |
2003 | සුසන්ති ද සිල්වා මිය (වැඩ බැලීම) |
1998-2003 | වික්ටර් වන්නිආරච්චි මයා |
![]() |
දෙවන වරටත් අප පාසලට විදුහල්පති ලෙස පත්ව ආ මෙතුමා පාසලට ජලය ලබා ගැනීම සදහා කටයුතු කරන ලදී. එමෙන්ම 1990 දී දෙමාපිය පරිත්‍යාගයෙන් ශබ්ද විකාශන යන්ත්‍රයක් පාසලට ලබා ගැනීමට මෙතුමා සමත් වූ අතර විද්‍යාගාරය, පුස්ථකාලය හා පරිගණක ඒකකය ආරම්භ කිරීමට කටයුතු කරන ලදී. තව ද පාසල් භූමි භාගයේ වැට සැකසීම ද ලයනල් මුදලාලි ගේ උදව් ඇතිව පාසල් භූමියේ ළිදක් ෂකසීම කරල ලදී. |
1993-1998 | විල්ප්‍රඩ් වීරසූරිය මයා |
1993 | ආර්. ඒ. සිරිසේන මයා (වැඩ බැලීම) |
1991-1993 | ගාමිණී රාජපක්ෂ මයා |
1990-1991 | වික්ටර් වන්නිආරච්චි මයා |
1984-1990 | පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි |
1984 (මැයි) | සමරනායක මයා |
1974-1983 | පී. ඩී. පියදාස මයා |
1974 | ඩී. එම්. පී. බී. දසනායක මයා |
1973-1974 | ඩී. ජයසේකර මයා |
1970-1973 | ජී. කේ. මිත්‍රපාල මයා |
1968-1970 | ඩී. එල්. මීගහවත්ත මයා |
1967-1968 | ඩී. ඩබ්. විජේපාල මයා |
1967 | පෙරේරා මහත්මිය (වැඩ බැලීම) |
1960-1967 | එස්. බෝධිනාගොඩ මයා |
1954-1959 | ජේ. බී. වීරසිංහ මයා |
1943-1954 | කේ. ඩී. වීරසේන මයා |
1922 - 1943 | පුවක්පිටිය මහතා |