ගෘහ විද්‍යා ඒකකය

මෙම ගෘහ විද්‍යාගාරයේ 6 වසරේ සිට 13 වසර දක්වා ඉගෙන ගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන්  500 ක් පමණ ප්‍රයෝගික ක්‍රියාකාරකම් වල නියැලේ.2022 වර්ෂයේ අ.පො.ස.(උ.පෙළ) ආරම්බ කෙරූ අතර ප්‍රතිපල 100% කි.

කුඩා කාමර 2 කින් සමන්විත මෙහි විදුලි පංකා සවිකර හා සිවිලිමක් ගසා නවීකරණය කරන ලද්දේ 2017 වර්ෂයේදී එවකට විදුහල්පතිව සිටි සරත් අලවතුර මහතාගේ උපදේශකත්වයෙනි.

පසුව 2019 වර්ෂයෙදී 9 වසර දියණියකගේ පූර්ණ අනුග්‍රහයෙන් බිමට ටයිල් ලැබුණු අතර "මන්චි" ව්‍යාපාරිකයන්ගේ අනුග්‍රහයෙන් එහි බිම ටයිල් ඇතිරීම සිදුකරන ලදී.

ගෘහ ආර්ථික විද්‍යා සමස්ත ලංකා "දැනුමට මිනුම තරග" පළාත් ප්‍රථම හා තෙවන ස්ථාන හිමි කරගත් ශිෂ්‍යාවන් සිටින අතර අපගේ එකමා අරමුණ වන්නේ පූර්ණ විෂය මාලාව ක්‍රියාත්මක කරමින් දේශීයත්වයට අගයන ජාත්‍යන්තරයට පිවිසිය හැකි අබියෝග හමුවේ නොසේලෙන පරිසර හිතකාමී සිසු සිසුවියන් දැයට දායාද කිරීමයි.