නියෝජ්‍ය විදුහල්පතිනියගේ පණිවිඩය
අනුර මහා විද්‍යාලය

දිනෙන් දින ජයටැඹ කරා පිය නගන අප පාසල රත්නපුර දිස්ත්‍රක්කයේ ඇහැලියගොඩ කොට්ඨාශයේ ඇති දීප්තිමත් පාසලකි. විෂය මෙන්ම විෂය සමගාමී යන දෙඅංශයේම කලාප හා පළාත් මට්ටමේ ජයග්‍රහණ රාශියකට හිමිකම් කියන අප පාසල දක්ෂ සිසු සිසුවියන්ගේ හා අතිදක්ෂ ඇදුරු මඩුල්ලකටද හිමිකම් කියයි.
තොරතුරු තාක්ෂණ අංශයෙන් විශාල දියුණුවක් අත් පත් කරමින් සිටින අප පාසල් අරඹන ලද නව වෙබ් අඩවිය ඉදිරියේදී පාසලේ වැඩකටයුතු සදහා ඉතා ඵලදායී වේයැයි මම බලාපොරොත්තු වෙමි.
එසේම මෙම වෙබ් අඩවිය සැකසීම සදහා මුලික වී කටයුතු කළ අප පාසලේ පරිගණක අංශ ප්‍රධාන කාංචනමාලා මෙයට හා පරිගණක අංශයේ අනෙකුත් ගුරුභවතුන්ට හා ඒ වෙනුවෙන් සහයෝගය ලබාදුන් ආචාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට මාගේ හෘදයාංගම ස්තූතිය පුදකරමි.
නියෝජ්‍ය විදුහල්පතිනි
ර/අනුර මහා විද්‍යාලය