ප‍රිගණක ඒකකය

"සැඟවුණු සහජ දක්‍ෂතා ඔප් නංවාගත් නංවාගත් තාක්‍ෂණයෙන් පිරිපුන් නිර්මාණශීලි අභිමානවත් පරපුරක් බිහි කිරීම" යන දැක්ම මූලික කරගත් ර/ අනුර මහා විද්‍යාලයේ පරිගණක අංශයේ ආරම්භය 1990 වර්ෂය දක්වා දිව යන්නකි. එවකට විදුහල්පති වූ වික්ටර් වන්නිආරච්චි මහතාගේ සංකල්පයකට අනුව විද්‍යාලීය පරිගණක අංශය ආරම්භ කරන ලදී. 1990 වර්ශයේ සිට මේ දක්වා ගුරුභවතුන් කිහිප දෙනෙකුම යටතේ පරිගණක විද්‍යාගාරය දියුණු වෙමින් පැවති පරිගණක විද්‍යාගාරයේ වර්තමානයේ පරිගණක අංශය භාර ගුරුභවතා වනුයේ දිල්හානී කාන්චනමාලා මෙනවියයි.

අ.පො.ස. සා/පෙළ හා අ.පො.ස. උ/පෙළ සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විශයය සඳහා ඉගැන්වීම කටයුතු සිදු කරනුයේ පරිගණක අංශය හරහාය. එමෙන්ම 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා තොරතුරු හා සන්නිවේදන තාක්ශනය ඉගැන්වීම් කටයුතු සිදුවනුයේ ද පරිගණක අංශය හරහාය. වර්තමානයේ 6-9 ශ්‍රේණිවල විෂය භාර ගුරුභවතා ලෙස අපේක්ශා වීරතුංග මහත්මිය කටයුතු සිදුකරන අතර 10 ශ්‍රේණියේ අධ්‍යාපන කටයුතු හා අ. පො. ස. උ/ පෙළ විශය භාර ගුරුභවතා ලෙස දිල්හානි කාංචනමාලා මෙනවිය කටයුතු කරනු ලබයි. මෙවර අ.පො.ස. සා/පෙළ සිසුන් සඳහා ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලබන්නේ වර්තමාන නියෝජ්‍ය විදුහල්පතිනිය වන පබා පතිරණ මිය විසිනි.

6-13 ශ්‍රේණිවල අධ්‍යන කටයුතු සඳහා පරිගණක විද්‍යාගාරය සතුව මේස පරිගණක 9ක් පැවතිය ද ඒවායින් සක්‍රීය මට්ටමේ පවතිනුයේ පරිගණක 6ක් පමණි.