“දරුවා කාගේද යන්න නොව, කාගේ උවත් දරුවෙකි. එම දරුවා අධ්‍යාපනික, සදාචාරාත්මක, ගුණදහමින් පිරිපුන් දරුවෙක් කිරීමට සෑම විටම කැපවන අප දරුවන්ගේ පෞර්ෂ සංවර්ධනය හා සන්නිවේදන කුසලතා හදුනාගෙන දැක්වීමට සෑම විටම කැපවෙමි”.
හිටපු විදුහල්පති සරත් අලවතුර මහත්මයාගේ සමයේ, එනම් 2013 වසරේ අ.පො.ස.(උ.පෙළ) විෂයක් ලෙස සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය විෂය අප පාසලේ ආරම්භ කරන ලදී.
එවක මෙම විද්‍යාලයේ සේවය කල රමණි විජේසුරිය ගුරුතුමිය යටතේ දරුවන්ට ශිල්ප ලබා දී ඇති අතර පසුව 2015 වසරේ පමණ නයනකාන්ත ගුරුතුමා මෙම විෂය භාරව කටයුතු සිදුකර ඇත. මේ වන විට අ.පො.ස. සා.පෙළ සහ අ.පො.ස. උ.පෙළ කලා විෂය ධාරාවේ 3 වන විෂය කාණ්ඩය යටතේ වර්තමාන ගරු විදුහල්පතිතුමිය වන චන්දිමා සමරකෝන් මහත්මිය විසින් නැවතත් මාධ්‍ය අධ්‍යනය විෂයය අරඹන ලද අතර සුරංජන් ජගත් හා සසිඳු රාජපක්ෂ යන ආචාර්ය මහතුන් සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය විෂය පිළිබඳ අධ්‍යාපනය ලබා දේ.
පාසලේ දෛනික සන්නිවේදන කටයුතු වලට අමතරව මේ වනවිට පාසල් මාධ්‍ය ඒකකය මගින් උදා ගුවන්විදුලි සේවාවක් පවත්වගෙන යන අතර විෂය සමගාමීව දරුවන් ඒ හරහා තම සන්නිවේදන කුසලතා ඔප්නංවාගනු ලබයි.
ප්‍රදේශයේ දුෂ්කර ග්‍රාමීය වසම් තුල වෙසෙන ආර්ථික දුෂ්කරතා සහිත දරුවන් රැසක් මෙම විද්‍යාලයේ ශිල්ප ලබන අතර ඔවුන් වෙත සන්නිවේදනය හා මාධ්‍ය ඒකකය සලසන ලද අවම පහසුකම් යටතේ අඛණ්ඩව පවත්වාගෙන යාමට ලැබීම සතුටට කරුණකි.
මේ වන විට එය පවත්වාගෙන යාම සදහා නිශ්චිත ස්ථානයක් නොමැති අතර පාසල් පුස්තකාලයේ එක් කුඩා කොටසක මැදිරි කටයුතු සිදු කරගෙන යනු ලබයි. පොදුවේ දරුවන්ට භාවිත කිරීමට ඇත්තේ එක් මයික්‍රෆෝනයක් පමණක් වන අතර එයද දිගු කාලීනව ප්‍රතිසංස්කරණය කරමින් ගොඩනඟා ගත්තකි. මේ වන විටත් අප සතුව පරිගණක උපකරණයක්වත් නොමැති වීම කාර්යය පහසු කර ගැනීමට අවස්ථා නොලැබී යාමකි.
සංගමය භාර ගුරුභවතුන් :
සුරංජන් ජගත්
සසිඳු රාජපක්‍ෂ
කුමාරි මිස්
සාරංග හෙට්ටිආරච්චි
නිළධාරී මණ්ඩලය :
සභාපති: තරුශි අමන්දා
ලේඛම්: මෙත්මි හංසිකා
භාණ්ඩාගාරික: රිෂානා අමාශි රණතුංග