IT ක්ෂේත්‍රයේ සහ අධ්‍යාපනය අතර පවතින්නා වූ පරතරය පියවිමී අරමුණ ඇතිව 2022 වර්ෂයේ ජූලි මස Anura IT Club හි ආරම්භය සිදු විය. මේ සඳහා මූලික අඩිතාලම දැමුවේ එවකට පරිගණක අංශභාර ගුරුභාවතා ලෙස කටයුතු කරන ලදා පබා පතිරණ මහත්මිය වන අතර අපේක්‍ෂා වීරතුංග සහ දිල්හානි කාංචනමාලා යන පරිගණක විෂය භාරගුරුභවතුන්ගේ නොමඳ සහයද ඊට ලැබුණි.
සිසුන්ට නවතම තාක්‍ෂණය පිලිබඳ ඔවුන්ගේ අදහස් බෙදාහදා ගැනීමට සහ ඒවා ව්‍යාප්ත කිරීමට අවස්ථාවක් තොරතුරු තාක්‍ෂණ සමාජය හරහා ලැබේ. මෙම සමාජය සිසුන් සහ ගුරුවරුන් කණ්ඩායමක් ලෙස පිහිටුවා ඇති අතර, එහි අරමුණ තාක්ෂණයට කැප වූ පුද්ගලයන් එක්රැස් කිරීමයි.
තොරතුරු තාක්ෂණ සිසුන් අධ්‍යාපනික වශයෙන් වැඩිදියුණු කිරීමට සහ විෂය බාහිර ක්‍රියාකාරකම්වලට සහභාගී වීමට දිරිගන්වන ගුණාත්මක ශිෂ්‍ය කේන්ද්‍රීය ආධාරක මධ්‍යස්ථානයක් ලබා දීමට අප සමාජය පෙනී සිටී. තොරතුරු තාක්‍ෂණ සමාජය සිසුන්ට ඔවුන්ගේ දැනුම බෙදාහදා ගැනීමට සහ ව්‍යාප්ත කිරීමට පරිසරයක් සැපයීමට ඉලක්ක කර ඇති අතර එමඟින් ඔවුන්ගේ තාක්‍ෂණික සහ සංජානන යන දෙඅංශයෙන්ම ඔවුන්ගේ කුසලතා වැඩි දියුණු කරයි.
අ.පො.ස. සා/පෙළ සහ උ/පෙළ තොරතුරු තාක්‍ෂණ විෂයය හදාරන සිසුන් 52 නෙකුගෙන් සමන්විත තොරතුරු තාක්‍ෂණ සමාජයේ පළමු ව්‍යාපෘතිය වූයේ විද්‍යාලීය නිල වෙබ් අඩවිය නිර්මාණය කිරීමයි.
සංගමය භාර ගුරුභවතුන්:
D. P. පබා පතිරණ මිය
D. G. S. K. ගුණසිංහ මයා
M. A. දිල්හානී කාංචනමාලා මෙය
W. අපේක්ෂා වීරතුංග මිය
A. P. අරුණ ධර්මරත්න මයා
නිළධාරී මණ්ඩලය:
සභාපති - පසිදු මල්ශාන්
උප සභාපති - නවීන් මධුශංක
ලේකම් - සශිනි හිමාජි
භාණ්ඩාගාරික - දිල්කි රශ්මිනි
කමිටු සාමාජික - මිහිදි කණිෂ්කා, හිරුණ දිස්මින්ද, ළහිරු මධුශාන්, S. රෝෂිණී, සාරංග වීරසිංහ, විහග අචින්ත