ර/අනුර මහා විද්‍යයාලයීය ඉතිහාසයේ ප්‍රථමවරට ජාතික ශිෂ්‍ය භට බලකා ඛණ්ඩයක් ආරම්භ කිරීම. එවකට නියෝජ්‍ය විදුහල්පති (අධ්‍යාපන සංවර්ධන) වර්තමාන නියෝජ්‍ය විදුහල්පති අධ්‍යාපන සංවර්ධන එම්.ඩී. ඉසුරු ධනුෂ්ක මඩපාත මහතා කැඩෙට් නිලධාරියෙකු ලෙස අනුර මහා විද්‍යයාලයීය ඉතිහාසයේ ප්‍රථම වතාවට 2018 වසරේදී විද්‍යාලයීය ශිෂ්‍ය භට ඛණ්ඩයක් ආරම්භ කරන ලදී.
2018.07.23 දින දියතලාව ස්වේච්ඡා බලසේනා පුහුණු පාසලේ නිලධාරී පුහුණුව ආරම්භ කළ ඔහු ඉතා වෙහෙසකර වූ මූලික යුධ පුහුණුව හා පරිපාලනමය කටයුතු සාර්ථකව සම්පූර්ණ කරන ලදී.
2018.09.09 දින යුධ හමුදා තූර්ය වාදක ඛණ්ඩයක් පෙරටු කොටගත් විසිර යාමේ පෙළපාලිය අවසානයේ අභිමානවත් කැඩෙට් නිලධාරීන් ලෙස විසිර ගිය ඉසුරු මඩපාත මහතා ඇතුළු නිලධාරීන්, නිලධාරිනියන් දිවයින පුරා පිහිටි බළ ඇණි 38කට අනුයුක්ත කරන ලදී.
ජාතික ශිෂ්‍ය භට බලකායේ 8 වන, එනම් රත්නපුර බළ ඇණියට අනුයුක්ත ව විද්‍යාලයේ සේවය කළ ඔහු විද්‍යාලයීය ඉතිහාසයේ ප්‍රථම වරට බාලක යුධ ශිෂ්‍ය භට ඛණ්ඩය ස්ථාපිත කර නිරන්තර පුහුණුවීම් ලබාදුනි.
කලක් ශිෂ්‍ය භට බලකායේ ලූතිනන් වරියකව සිටි විද්‍යාලයේ වත්මන් විදුහල්පතිනි චන්දිමා සමරකොන් මැතිණියගේ පූර්ණ අධීක්ෂණය ලැබීම මහත් ශක්තියකි.
එවකට විද්‍යාලයේ 13 වසර කලා අංශයේ ශිෂ්‍යයෙකු වූ ගයාෂාන් J.A.K ජාතික ශිෂ්‍ය භට බලකායේ පුහුණු මධ්‍යස්ථානය වන රන්ටැඹේ පුහුණු මධ්‍යස්ථානය ට යවා ඛණ්ඩ භාර සැරයන් පුහුණුව ලබා විද්‍යාලයේ ප්‍රථම ඛණ්ඩ භාර සැරයන් ලෙස පත්විය.
25 දෙනෙකුගෙන් යුතු වූ ශිෂ්‍ය භට ඛණ්ඩය 2019.02.25 වන දින සිට 2019.03.04 දින දක්වා ප්‍රථම වරට බළ ඇණි ඇගයීම් කඳවුර සඳහා රන්ටැඹේ කඳවුරු ගත විය.
සැලසුම් කරන ලද පුහුණු පාඨ මාලාවක් තුළින් ශිෂ්‍ය භටයන් තුළ චරිතවත් බව, ආත්ම විශ්වාසය, ස්වයං විනය, ප්‍රජා හැඟීම්, වික්‍රමාන්විත හැඟීම්, වගකීම් දැරීම්, සුහදශීලී බව යන ගුණාංග වර්ධනය කර ජාතියේ සේවය සඳහා යෙදවිය හැකි ඕනෑම ජීවන පැවැත්මකට නායකත්වය දැරිය හැකි පිරිපුන් තරුණ පරපුරක් බිහි කිරීම මෙහෙවර තුළින් හෙට දිනයේ නායකත්වය වෙනුවෙන් ද දින පාසල් ශිෂ්‍යාවන් විනයගරුක හා දක්ෂ තරුණ පරපුර රක්ෂණ ගොඩනැගීම දැක්ම කරගත් ජාතික ශිෂ්‍ය භට බලකාය ක්ෂේත්‍ර ගණනාවක් යටතේ ශිෂ්‍ය භටයින් පෝෂණය කරයි.
2019 වර්ෂයේ සිදු වූ මුස්ලිම් අන්තවාදී ප්‍රහාරයන් හේතුවෙන් බොහෝ ක්‍රියාදාමයන් අඩපණ වීම තුල ශිෂ්‍ය භට පුහුණුවීම්ද තාවකාලිකව නතර විය.
මුස්ලිම් අන්තවාදීන් ප්‍රහාරය සමග පාසල් අනාරක්ෂිත බවට පත්වීමත් සමග පෙරට ආ ආධුනික නිලධාරී ඉසුරු මඩපාත මහතා ප්‍රමුඛ පාසල් ශිෂ්‍ය භට කණ්ඩායම ආරක්ෂිත පුහුණුවීම් ප්‍රගුණ කරන ලදී.
2019.06.17 දින සිට 2019.06.17 දින දක්වා 19 වන බළඇණියට අයත් බෝපේ රාජසිංහ විද්‍යාලයීය ගුවන් ශිෂ්‍යභට ඛණ්ඩය සමග ඛණ්ඩ භාර නිලධාරි වශයෙන් ජාතික ශිෂ්‍යභට බලකායේ ආධුනික නිලධාරී, අප විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ඉසුරු මඩපාත මහතා රන්ටැඹේ ජාතික පුහුණු මධ්‍යස්ථානයේ කඳවුරු ගත විය.
2019.07.04 වන දින විද්‍යාලයේ ඓතිහාසික දිනයක් ලෙස සනිටුහන් කරමින් ඉතිහාසයේ ප්‍රථම ශිෂ්‍යභට කණ්ඩයට නිල ලාංඡන පැළඳවීම හා සහතික පත් ප්‍රදානය ශිෂ්‍ය භට වීදි පෙලපාලිය සහිතව උත්සවාකාරයෙන් සිදුවිය.
ර/අනුර මහා විද්‍යාලයේ නිල දෙවන ඛණ්ඩභාර සැරයන් වරයා ලෙස එවකට 13 ශ්‍රේණියේ කලා අංශයේ අධ්‍යාපනය ලැබූ සංදීප නිර්මාල් රණසිංහ ශිෂ්‍යයා පත්වූයේ රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට බලකා පුහුණු මධ්‍යස්ථානය පැවති සැරයෙන් පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසුවය.
2020.01.10 දින සිට 2020.10.17 දින දක්වා රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට බලකා පුහුණු මධ්‍යස්ථානයේ පැවැති උසස් පාඨමාලාවේ රත්නපුර දිස්ත්‍රික් සැරයන්වරුන් ගේ ඛණ්ඩ භාර නිලධාරි ලෙස අප විද්‍යාලයේ ආධුනික නිලධාරී ඉසුරු මඩපාත මහතා සහභාගී වීම විද්‍යාලයට ද ගෞරවයකි.
එම පාඨමාලාව සඳහා රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ අධ්‍යාපන කොට්ඨාසයේ ර/ඇරෑපොල ශ්‍රී මහින්ද මහා විද්‍යාලයේ 12 ශ්‍රේණියේ කලා අංශයේ අධ්‍යාපනය ලැබූ කසුන් කල්හාර ශිෂ්‍යයා සහභාගී කරවමින් එම විද්‍යාලයීය ඉතිහාසයේ ප්‍රථම ඛණ්ඩභාර සැරයන් වරයා ලෙස පුහුණු කර කඳවුරු ගත කිරීමට ද ඉසුරු මඩපාත මහතා කටයුතු කළේය.
අප විද්‍යාලයේ අඛණ්ඩ ශිෂ්‍ය භට පුහුණුව අතරතුර ආධුනික නිලධාරී ඉසුරු මඩපාත මහතා සාර්ථක පරිවාස සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව 2019.09.09 දින සිට ක්‍රියාත්මක වන පරිදි 2020.06.01 දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමන්ගේ අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ජනාධිපති අධිකාරිය ලත් නිලධාරියෙකු ලෙස දෙවන ලුතිනන් ධූරයට උසස් කරන ලදී.
2020, 2021 වර්ෂ වල ලෝකය පුරා ව්‍යාප්ත වූ covid-19 වසංගතය හේතුවෙන් සියලු ක්‍රියාදාමයන් අඩපන ඔබටද පාසල් ශිෂ්‍ය භට පුහුණුවීම් හා කඳවුරු ගත කිරීම් සිදු නොවුණි. නමුත් එම කාලසීමාව තුළ ශිෂ්‍ය භට විෂය නිර්දේශයට අදාල පුළුල් විෂය පරාසය ආවරණය කරමින්,
-
ජාශික දැනුම හා රෙජිමේන්තු රාජකාරි
-
සිතියම් කියවීම
-
භූමි උපක්‍රම
-
ත්‍රිවිධ හමුදා, පොලිස් දැනුම සහ ජාත්‍යන්තර ශිෂ්‍ය භට දැනුම
-
පෞරුෂ සංවර්ධනය සාරධර්ම හා නායකත්වය
-
ප්‍රථමාධාර
-
මූලික රටේ නීතිය හා මත්ද්‍රව්‍ය නිවාරණය
-
ආපදා කළමනාකරණය හා ගිනි නිවීම
යන සිද්ධාන්තමය අභ්‍යාස මාර්ගගතව සිදු කිරීම අඛන්ඩව සිදුවිය.
එවකට 13 ශ්‍රේණිය කලා අංශයේ අධ්‍යාපනය ලැබූ දසුනි සුලක්ඛනා හා 13 වාණිජ අංශයේ අධ්‍යාපනය ලැබූ නිලංග ජයලාල් ඛණ්ඩ භාර සැරයෙන් ගේ වැඩ බැලීම ප්‍රසංසනීයයි.
2021.03.15 දින රන්ටැඹේ පුහුණු මධ්‍යස්ථානයේ ආරම්භ කර දින 14ක් පැවැති තරුණ නිලධාරී පාඨමාලාව සඳහා දෙවන ලුතිතන් ඉසුරු මඩපාත මහතා සහභාගී විය.
2022 වර්ෂයේ ජේෂ්ඨ ආරක්ෂක බාලිකා ඛණ්ඩය විද්‍යාලය තුළ ස්ථාපිත කර ලියාපදිංචි කරන ලදී.
2022 වර්ෂයේ ර/අනුර මහා විද්‍යාලයේ ප්‍රථම ඛණ්ඩ භාර සැරයන් වරිය ලෙස පත්වූ13 ශ්‍රේණිය කලා අංශයේ ඉගෙනුම ලබන ඩී.රශ්මි චේතනා හා ජේෂ්ඨ කෝප්‍රල් ලෙස පත්වූ කාවින්දි ශෂිකලා කස්තුරිආරච්චි රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට බලකා පුහුණු මධ්‍යස්ථානයේ සැරයන් පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කරන ලදී.
2022 වර්ෂයේ ජාතික නිදහස් දින පොලිස්, ආරක්ෂක අංශ හා 650ක පමණ පාසල් නියෝජනය කළ සබරගමු පළාත් නිදහස් පෙළපාලියේ දෙවන අණදෙන්නා වශයෙන් දෙවන ලුතිනන් මඩපාත මහතා කටයුතු කළේය.
2022 වර්ෂයේ බලඇණි කඳවුරු සඳහා ජේෂ්ඨ ආරක්ෂක බාලක හා බාලිකා කණ්ඩායම් දෙකම ඉදිරිපත්වූ අතර ජේෂ්ඨ ආරක්ෂක බාලිකා කණ්ඩය පළාත් ඇගයීම් කඳවුරු සඳහා සුදුසුකම් ලැබීය.
2022 රටේ පැවති උද්ධමනකාරී වතාවරණය හේතුවෙන් පළාත් ඇගයීම් කඳවුරු එක් දින කඳවුරක් ලෙස රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ දී පැවැත්විණ.
- ඝන සරඹ
- ව්‍යායාම චක්‍ර
- අධ්‍යක්ෂ පරීක්ෂණය
ඉදිරිපත් කිරීමේ පරීක්ෂණය - ප්‍රාසාංගික අංගය
සඳහා ශිෂ්‍ය භටවියන් දැඩි කැපවීමෙන් සහභාගි විය.
2022 වර්ෂයේ අක්‍රීයව පැවැති කනිෂ්ඨ බාලක කණ්ඩයේ පුහුණුවීම් යළි ආරම්භ කළ අතර කනිෂ්ඨ බාලිකා ඛණ්ඩයක් ද ආරම්භ විය.
2022 හර්මන් ලූස් , ද සොයිසා ජාතික කඳවුරු සඳහා අප විද්‍යාලයේ දෙවන ලුතිනන් මඩපාත මහතා රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයීය ජේෂ්ඨ ආරක්ෂක ශිෂ්‍යභට ඛණ්ඩයේ ඛණ්ඩභාර නිලධාරීවරයා වශයෙන් රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට බලකා පුහුණු මධ්‍යස්ථානයේ 2022.09.16 දින සිට 2022.09.27 දින දක්වා කඳවුරු ගත විය.
එහිදී ඔහු තම දක්ෂතා ඔප් නංවමින් කඳවුරු භූමිය බිතුසිතුවම් මගින් අලංකාර කිරීම ද විද්‍යාලයීය නාමය බැබළු වීමට හේතුවකි.
එහිදී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ මූලිකත්වයෙන් පැවති උත්තමාචාර පෙළපාලියේ ඛණ්ඩභාර සහය අණදෙන්නෙකු ලෙස දෙවන ලුතිනන් මඩපාත මහතා සහභාගි වීම මහත් ආඩම්බරයකි.
ශිෂ්‍ය භට බලකා ඛණ්ඩය භාර ගුරුභවතුන්:
M. D. ඉසුරු ධනුෂ්ක මඩපාත මයා
D. G. S. K. ගුණසිංහ මයා
නිළධාරී මණ්ඩලය: